කෘෂිකර්මය දියුණු කරන්න බිල් සහ මිලින්ඩා ගේට්ස් ගිවිසුමක්


(අංජුල මහික වීරරත්න)

ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා රජය බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම සමඟ ගිවිසුමකට අත්සන් කර තිබේ.

කෘෂි ක්ෂේත්‍රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හදුන්වා දීම මෙම ගිවිසුමට අනුව සිදුකෙරෙන එක් කාර්යයකි.

කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා අදාල දත්ත අමාත්‍යංශය හතකින් ලබාගෙන මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට නියමිත ය.

නව මෘදුකාංගයෙන් සෘජුවම පොහොර භාවිතයේ සිට ඵලදාව ලබා ගැනීම දත්වාත්, ලබාගන්නා ඵලාදව සංරක්ෂණය කිරීම උදෙසාත් ගොවීන්ට අවශ්‍ය මඟ⁣ පෙන්වීම ලබා දෙනු ඇත.

මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන අතර කෘෂි ක්ෂේත්‍රයේ දත්ත එකතු කිරීම සහල් සහ අනෙකුත් භෝග වගාවන්ගේ පෝෂණය වැඩි කිරීම මෙහි මූලික අරමුණයි.