
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඩීපී වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය ලබාදී ඇත
ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කාරක සභාවට, අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ ආචාර්ය උපාලි පන්නිලගේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නිහාල් අබේසිංහ, රිසාඩ් බදියුදීන්, කේ. කාදර් මස්තාන්, කුමාර ජයකොඩි, කදිරවේලු ෂන්මුගම් කුගදාසන් සහ නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

