කුසල් මෙන්ඩිස් නායකත්වයට



(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට)
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරිපෙළ පිතිකරු  කුසල් මෙන්ඩිස් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නිලධාරියෙක් අද (15) පෙරවරුවේ පැවැසීය.
ඒ අනුව කුසල් මෙන්ඩිස් දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලුම තරගවල නායකයා ලෙස කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
කුසල් මෙන්ඩිස් මීට පෙර ද ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස සහභාගි විය.