කුෂ් සමඟ විදෙස් ජාතිකයින් දෙන්නා මාට්ටු


 

(ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටි දහයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් විදේශික ගුවන් මගී කාන්තාවක සහ පිරිමියෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් ඉන්දීය ජාතිකයන් වන අතර පිරිමි පුද්ගලයා 37 හැවිරිදිය . කාන්තාව 47 හැවිරිදිය .

 ඔවුන් දෙදෙනා මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ , එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ

ගුවන් යානයකින්  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් දෙදෙනා විසින් රැගෙන ආ ගමන් මලු තුළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 220 ක් සගවා ගෙන සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .