
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කුලි පදනමට රැගෙන ආ වෑගන් ආර් මෝටර් රථයක රියදුරුට බරපතල තුවාල සිදුකර වාහන පැහැර ගැනිම ඇතුළු චෝදනා රැසකට සම්බන්ධ සැකකාර යුවළක් පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයෙ නිළධාරීන් විසින් දඹදෙනිය ප්‍රදේශයෙදී ඊයේ (16) අත් අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පල්ලම ආඩිගම හා දඹදෙනිය ප්‍රදේශ වල පදිංචිව අවුරු 21 හා 24 වියෙ පසුවන දිවයිනේ විවිධ ප්‍රදේශ වල වාහන කොල්ල කෑමට සම්බන්ධ තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වු තරුණ යුවලක් බව කියයි.
මෙම සැකකාර යුවල අවසන් වරට පසුගිය 9 දින වෙන්නප්පුව තෝප්පුවේ සිට ආඩිගම වෙත ගමන් කිරීම සදහා කුලියට වාහන ලබා දෙන ආයතනයක් සම්බන්ධ කරගනිමින් වැගන් ආර් රථයක් කුලි පදනමට රැගෙන විත් ඇත.
අනතුරුව ආඩිගම පාළු ප්‍රදේශයකදි මෙම සැකකාර යුවල රියදුරුට තියුණු ආයුධ වලින් පහර දි වාහනයෙන් ඇද දමා වාහනය පැහැර ගැනිම සම්බන්ධව දිගින් දිගටම කල විමර්ශන වලින් පසු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයෙ නිළධාරීන් විසින් මෙම සැකකාර යුවල දඹදෙනිය ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුනී.
මෙම සැකකාර යුවල අවුරුදු දෙකකට ආසන්න කාලයක් එකට දිවි ගෙවන බවත් ඔවුන් විවාහ වි නොමැති බවත් මත්ද්‍රව්‍ය සදහා මුදල් සොයා ගැනිම සදහා එකට දිවි ගෙවමින් මෙවැනි අපරාධ සිදුකර ඇති බව අනාවර්ණය වි තිබේ.

