(කේ බුද්ධික කුමාරසිරි)
ඓතිහාසික නවගමුව සත්පත්තිනි දේවාලයේ අවසන් රන්දෝලි මහ පෙරහර පැවැති ඊයේ (02) රාත්‍රි ඒ වෙනුවෙන් ගෙන්වා තිබූ ඇතෙකු ඇත් ගොව් සහයකයෙකුට දළ යුගලයෙන් එල්ල කල ප්‍රහාරයකින් එම සහයකයා බරපතල තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව නවගමුව පොලිසිය පවසයි..
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගී වී සිටි අවස්ථාවේදී එම ඇතා කලබලයට පත් වී එක්වරම ඇත් ගොව් සහයකයාගේ ගෙල ප්‍රදේශයට දළ යුගලයෙන් ඇන බිම දමා පෑගීමට සැරසුණු අවස්ථාවේදී එම ස්ථානයේ සිටි අනෙක් ඇත් ගොව්වන් මැදිහත්ව සයයකයා බේරා ගෙන නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කල බවද පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මහයියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 19 හැවිරිදි ඇත්ගොව් සහයකයෙකි
කලබලයට පත්ව සිටි ඇතා දින ගණනාවක් එක දිගට පෙරහර කිහිපයකටම සම්බන්ධ වී දැඩි තෙහෙට්ටු තත්වයකින් සිටීම හේතුවෙන් මෙලෙස හැසිරෙන්නට ඇති බව ඇත්ගොව්වන් පවසන බවද පොලිසිය පවසයි.

