කුලප්පු වූ අලියා ඇත්ගොව්වා මරා දමයි


(ඩී. ජී. සුගතපාල සහ සුසිල් ප්‍රියන්ත)
 
කරන්දෙණිය 6 කණුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ මිහිඳු පෙරහැරේ ගමන් කරමින් සිටි අලියකු  අද (24) අලුයම  කුලප්පු වී ඇත් ගොව්වා මරා දමා තිබේ.
 
මියගිය ඇත් ගොව්වා අම්බලන්තොට රිදියගම පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
 
පෙරහැරේ වීදි සංචාරය කරමින් සිටි අලියා කුලප්පුවී ඇත් ගොව්වාව පොළවේ ගසා මරා දමා ඇත.

අලියා අසළ නිවාස කිහිපයකට ද හානි කර ඇත.
 
පසුව පශු වෛද්‍යවරයා පැමිණ අලියා නිර්වින්දනය කර ඇත.
 
ඇත් ගොව්වාගේ මළ සිරුර බොරකන්ද රෝහලේ තැන්පත් කර තිබේ.


(ඡායාරූප - සුසිල් ප්‍රියන්ත)