කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දමයි


අජිත්ලාල් ශාන්තඋදය


ලිපි බෙදන්නෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරු වී ඇති නිසා කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලය ලබන 09දා තෙක් වසා දැමීමට දැනුම් දුන් බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කරුණාරත්න මහතා අද 04  දැනුම් දුන්නේය.

කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලයේ ලිපි බෙදීම් කරන සහ ක්‍ෂෙත්‍රය හා සම්බන්‍ධව කටයුතු කරන පණිවිඩකරුවන්, කාර්යාලයේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය ඇතුලු විසි හතර දෙනෙක් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති ඇත.

 ඔවුන් සියලු දෙනාම අද (05) පීසීආආර් පරීක්‍ෂණයකට ලක්කරන බවද කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයා සඳහන් කළේය.

කෝවිඞ් ආසාදිත බව තහවුරු සේවකයා කෝවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති අතර ඔහුගේ නිවැසියන් සහ පළමුපෙළ ආශ්‍රිතයන් කිහිප දෙනෙක් දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් කළ බවද කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කීවේය.

කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් පාලනය වන උප තැපැල් කාර්යාලය එරත්න, සුදාගල, පාතගම, තෙප්පනාව, ආදී ප්‍රදේශ කිහිපයකම ඇතත් ඒවා වසා දැමීමක් සිදුකර නැත.