
(තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති , නාගරික ඉංජිනේරු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහෙසේත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබු වරෙන්තුව ක්‍රියාත්මක වීම ලබන 24 වැනිදා තෙක් අත්හිටුවීමට අභියාචනාධිකරණය අද ( 12) තීන්දු කළේය.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනා ගොනු කළ රිට් පෙත්සම් සළකා බලමින් අභියචනාධිකරණය මගින් මෙම නියෝගය ලබා දෙන ලදි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ලබා දෙන ලදි.

