(විමුක්ති එස් රුද්‍රිගු)
මැරයන් විසින් සාමකාමී විරෝධතා වල නියැලුන විරෝධතාකරුවන්ට පහර දීම පිළිකුල් සහගත ක්‍රියාවක් බවත් මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම රජයේ අනුග්‍රහය ඇතිව සිදු වූවක් බවත් ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර මහතා පවසයි.
තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ "තම මුලික අවශ්‍යතා සහ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් සාමකාමී විරෝධතාවයේ නියැලුන පිරිසට මෙසේ ආණ්ඩුවේ සිටින මැරයන් ගේ අනුග්‍රහය යටතේ පැමිණි මැරයන් පහර දීම පිළිකුල් සහගත ක්‍රියාවක් බවයි. "
මෙය රජයේ අනුග්‍රාහකත්වය යටතේ සිතාමතා සැලසුම් සහගතව සිදුකල ක්‍රියාවක් බව ඔහු වැඩි දුරටත් පැවසීය.