(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල අඩංගු බහාලුම් දිවයිනේ අභ්‍යන්තර ප‍්‍රදේශ වලට රැගෙන යාම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන ඔක්තෝබර් 21 වැනි දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණ අද (20) තීන්දු කළේය.
එදිනට මේ පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයාට නියෝග කෙරිණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ අද (20) කැඳවිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය,රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.

