කුඩු සෙල්වි සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව  ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 350, අයිස් මත් ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් රුපියල් 15,180 මුදලක් සහ කේරළ ගංජා ග්‍රෑම් 32 ක් සන්තකයේ තබාගෙන සිටි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් වන කුඩු සෙල්වි නැමැත්තිය සමඟ තවත් කාන්තාවක්  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි 

වයස අවුරුදු 27 හා 40  පසුවන වන කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.