කුඩු බෙදන තැනක් බණ්ඩාරගමින් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

බණ්ඩාරගම වැල්මිල්ල කුලී නිවසක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයකු රුපියල් කෝටියකට ආසන්න මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

එම සැකකරු සමඟ හොරෙයින් මත් කුඩු ග්‍රෑම් 497 ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 130 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

සැකකරු මෙම නිවසේ සිට ප්‍රදේශ ගණනාවකට මත් ද්‍රව්‍ය බෙදා හැර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වීරවිල ප්‍රදේශයේ පදිංචිකරු 34 හැවිරිදි පුද්ගලයෙකි.