(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකුට කෙළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
ඇප ලබා ගැනීමෙන් පසු අධිකරණය මඟහැර පළාගොසස් සිටින විත්තිකරු අල්ලා ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා විවෘත වරෙන්තුවේ පිටපතක් පොලිස්පතිවරයාටද යොමු කිරීමට අධිකරණ ලේඛාධිකාරරීවරයාට නියම කළේය.
වසර 10කට ඉහතදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 48 ක් ලඟ තබාගෙන ජාවාරම් කළ බවට විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ වර්ණමුත්තු ගනේෂ් රාජා නමැත්තාුටය” 2013 වසරේ මාර්තු මස 29 වනදා කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 48 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී හෙරොයින් ජාවාරමේ යෙදී සිටි මෙම විත්තිකරු ජාවාරම් කිරීමට සුදානම් කර තිබු හෙරොයින් ග්රෑම් 150ක්ච සමඟ අත්අඩංගුවට ගත් බව නඩු විභාගයේදී අනාවරණය වු අතර එහි ශූද්ධ හෙරොයින් ග්රූම් 48 ක් ඇති බව රජයේ රස පරීක්‍ෂකවරයා විසින් තහවුරු කරන ලදී.
ඉදිරිපත් වු සාක්කි අනුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් එම චෝදනාවන්ට ඔහු වරදකරු බව තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

