කුඩු ග්‍රෑම් 06ට දිවි ඇති තෙක් හිරේ


(මනෝප්‍රිය ගුණසේකර)

හෙරොයින් ග්රෑම් 06ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කෙළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (08) නියම කළේය.

ඇප ලබා ගැනීමෙන් පසු අධිකරණය මඟහැර පළාගොසස් සිටින විත්තිකරු අල්ලා ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා විවෘත වරෙන්තුවේ පිටපතක් පොලිස්පතිවරයාටද යොමු කිරීමට අධිකරණ ලේඛාධිකාරරීවරයාට නියම කළේය.

වසර 05කට ඉහතදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 06 ක් ලඟ තබාගෙන ජාවාරම් කළ බවට විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මෙසේ දඩුවම් නියම වූයේ සුදත් ප්‍රසන්න නමැත්තාටය.

2018 වසරේදී කොළඹ ග්‍රෑන්ඩ්පාස්, බෙත්තාරාම ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 5.9 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී ඉදිරිපත් වු සාක්කි අනුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් එම චෝදනාවන්ට ඔහු වරදකරු බව තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.