කිරින්දේදී බේරුණු මව තවමත් දැඩි සත්කාර ඒකකයේ


(වසන්ත චන්ද්‍රපාල)

කිරින්ද මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලුණු කාන්තාව අම්පාර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබත් ඇයගේ තත්ත්වය බරපතල බවත් අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය උපුල් විජේනායක මහතා පැවසීය.

කිරින්ද මුහුදේ රළ පාගමින් සිටියදී ඉරිදා (23) රළ පහරකට හසුව එකම පවුලේ හතරදෙනෙකු මුහුදට ගසාගෙන ගිය අතර ඉන් පියා සහ දියණියන් දෙදෙනා මිය ගියහ.මව  අම්පාර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවාය.

දියේ ගිලී  බරපතල තත්වයේ පසු වූ කාන්තාවගේ මොළයට සහ පෙණහලුවලට හානි සිදුවී තිබෙන බවත් ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව සියලුම පරීක්ෂණ කටයුතු  කරමින් සිදු කරන බවත් අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය උපුල් විජේනායක මහතා පැවසීය.