කිරි,බිත්තර මස් නිෂ්පාදනය පහතට


(දයාසීලි ලියනගේ)

කිරි, බිත්තර සහ කුකුල්මස් නිෂ්පාදනය බරපතල ලෙස පහත වැටී ඇතැයි  කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව දියර කිරි නිෂ්පාදනය සියයට 19.8කින්,  බිත්තර නිෂ්පාදනය සියයට 34.9කින්ද, කුකුල් මස් නිෂ්පාදනය සියයට 12.1කින්ද  පහත වැටී ඇත.

සත්ව ආහාර නිෂ්පාදනය නිසියාකාරව නොලැබීම මෙම තත්ත්වයට මූලිකව හේතු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම තත්ත්වය මඟහරවා ගැනීමට බඩඉරිඟු නිෂ්පාදනයට ප්‍රමුඛස්ථානයක්  දීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් කීය.