(එච්. එම්. ධර්මපාල)
දෙහිවල ඕබන් වෙරල තීරයට විශාල ප්‍රමාණයේ කැස්බෑවන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසා තිබියදී හමුවූ බව පොලීසිය කියයි.
දින කීපයකට පෙර මිය යන්නට ඇතැයි සැකකරන එම කැස්බෑ සිරුරු දින කීපයකට පෙර මිය යන්නට ඇතැයි සැක කරයි. කොළඔ දිස්ත්‍රික් අඩවි වනජීවී ආරක්ෂක සමන් ලියනගම මහතා ගල්කිස්ස අධිකරණයෙන් ලබාගත් නියෝගයන් මත එම සිරුරු අත්තිඩිය වනජීවි පශු වෛද්‍ය ඒකකය නිලධාරීන් කැදවා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා බාරදීමට කටයුතු කළේය.
මේ සදහා හේතු ප්‍රකාශ කල නොහැකි බවත් , මෙම අනතුරෙන් පසු පානදුර සිට වැල්ලවත්ත මුහුදු තීරය දක්වා වූ කොටසට මියගිය විවිධ ප්‍රමාණයේ කැස්බෑ සිරුරු නවයක් පමණ ගොඩ ගසා ඇතැයි ද වාර්තා වේ
" එක්ස්ප්‍රස් පර්ල් " නෞකාවේ අනතුරෙන් පසු මෙම කැස්බෑ සිරුරු ගොඩ ගසන්නට පටන් ගත්තේය.