
(අංජුල මහික වීරරත්න)
කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස නාරම්පනාවේ ආනන්ද අස්ගිරි පාර්ශ්වයේ අනු නා හිමි පත් කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නාරම්පනාවේ ආනන්ද අනු නාහිමියන් වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) පස්වරුවේ පිළිගන්වන ලදී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (02) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි උන්වහන්සේගේ මෙම පත්වීම සිදුකරනු ලැබ තිබේ.

