කැබිනට් රැස්වීම් වලට ජංගම දුරකතන තහනම්


(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් රැස්වීමේදී සඳහා ඇමැතිවරුන්ට ජංගම දුරකතන රැගෙන ඒම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් කරනු ලැබ ඇත.

ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මෙම තහනම පනවා ඇත.

ඇතැම් ඇමැතිවරුන් කැබිනට් රැස්වීම් අතරවාරයේ දුරකතන ඇමතුම් ගැනීම ඇමැතුම් වලට පිළිතුරු  දීම ආදිය හේතුවෙන් ජනාධිපතිවරයා මෙම තහනම පනවා ඇතැයි වාර්තාවේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරමින් අදහස් දක්වා ඇති බව දැනගන්නට ඇත.