කැබිනට් ඇමැතිවරු හතරකට තව පැය කීපයකින් අමාත්‍යංශ මාරුවක්


(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් ඇමැතිවරුන් හතර දෙනකුගේ විෂයපථයන් තව පැය කීපයකින් වෙනස් වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමැති වශයෙන් ද, ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු ඇමැති වශයෙන් ද, ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමැති වශයෙන් ද කෙහළිය රඹුක්වැල්ල මහතා විදුලිබල ඇමැති වශයෙන් ද දිවුරුමු දීමට සියල්ල සූදානම් කර ඇතැයි ද එම ආරංචි මාර්ග කිියයි.