(එෆ්.අස්ලම්)
ශ්‍රී ලංකාවේ කැනඩානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා අතර හමුවක් අද (26) උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී සිදුවිය.
මෙම සාකච්ඡාවේදී යුද්ධය හේතුවෙන් පීඩාවට පත්ව සිටින උතුරේ ජනතාවගේ තත්වය ගැනත් පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ගැනත් සාකච්ඡා කර ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.



