කැනඩා අගමැතිගේ තීරණයට විරෝධය


(යොහාන් භාසුර)

කැනඩාවේ පාර්ලිමේන්තුව යෝජනා කර සම්මත කළ දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය වන මැයි 18 වැනිදා වෙනුවෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නිකුත් කළ නිවේදනයට විරුද්ධව ‘ජාතිය ගොඩනැගීම හා සංහිඳියාව උදෙසා වූ ව්‍යාපාරය’ ශ්‍රී ලංකා කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (23) විරෝධතාවයක් පැවැත්වීය.

එහිදී විරෝධතාකරුවන් පැවසුවේ මැයි 18 යනු දෙමළ ජන සංහාරයක් සිදු කළ දිනයක් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා පැවසූ බවත් වසර 14 කට පෙර දෙමළ ජනයා දහස් ගණනකට දිවිඅහිමි වූ බවත්ය.

කැනඩා අග්‍රාමාත්‍යවරයා මුල්ලිවයික්කාල් ඝාතන එයට නිදසුන් බව පෙන්වා දෙමින් සාවද්‍ය, අසත්‍ය, අන්තවාදී, අයුක්තිසහගත මෙන්ම අභූත චෝදනාවක් එල්ල කළ බව කී විරෝධතාකරුවෝ එය සංවිධානයක් වශයෙන් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයින් වශයෙන් දැඩි පිළිකුළෙන් හෙළා දකින බව ද සඳහන් කළහ.

එහිදී ‘ජාතිය ගොඩනැගීම හා සංහිඳියාව උදෙසා වූ ව්‍යාපාරය’ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝගේ යෝජනාවට විරුද්ධව කැනඩා මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් ද භාරදුන්නේය.