(සිරංගිකා ලොකුකරවිට)
මිලිමීටර් 150ත් - 200ත් අතර ඉතා තද වැසි අද (07) සිට ජුනි 09 වැනිදා දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවිය හැකි බවත් ඒ පිළිබඳව මහජනයාට සැලකිලිමත් වන ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත.
කළුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මිලි මීටර් 150- 200 අතර ඉතා තද වැසි බලාපොරොත්තුවන අතර කොළඹ, ගම්පහ, පුත්තලම, මහනුවර, නුවරඑළිය, හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල මිලි මීටර් 100- 150 අතර තද වැසි බලාපොරොත්තු වන බවත් එම නිවේදනයේ දැක්වේ.
නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිතදිග කොටසේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් වැඩිවීමක් හෙට (08) දිනයේදී ද අපේක්ෂා කරන බව ද එහි සඳහන් වේ.

