( තිළිණි ද සිල්වා )
යුද ගැටුම් පවතින ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවර රැදී සිටි ශ්‍රි ලාංකිකයන් අතුරෙන් 08 දෙනකු මේවනවිට බ්‍රිතාන්‍යයට සහ කටාර් වෙත රැගෙන ගිය බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු පැමිණීමට අපේක්ෂා කරන්නේ නම්, ඔවුන් ආපසු ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සැලසීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමේ කටයුතු වල විදේශ අමාත්‍යාංශය මේ වන විට යෙදී සිටින අතර ඒ අනුව එම ලාංකිකයන් 8 දෙනා එම රටවල් දෙකට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
මේවනවිට හෝටලයක සිට ක්‍රියාත්මක වන කාබුල්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙහි දැනට කිසිදු ශ්‍රී ලාංකිකයකු නොමැති අතර, එහි සේවය කරනුයේ එක් දේශීය සේවකයකු පමණක් යැයිද හෙතෙම වැඩිදුරටත් කීය.
ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් හතලිස් තුන් (43) දෙනකුගේ විස්තර තානාපති කාර්යාලය සතුව පවතින අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව ද යම් යම් විස්තර තිබේ. ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් සේවය කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර සංවිධාන, නේටෝ හමුදා කඳවුරු සහ පෞද්ගලික සමාගම් සඳහා බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
විදේශ අමාත්‍යාංශය මෙම තත්වය තක්සේරු කොට ගෙන ඇති අතර, එම ශ්‍රී ලාංකිකයින් ආපසු පැමිණීමට අපේක්ෂා කරන්නේ නම්, ඔවුන්ගේ ආරක්ෂිතව ආපසු පැමිණීම සහතික කිරීම සඳහා සෑම ප්‍රයත්නයක්ම දරනු ඇත.

