කානුවට අසූචි හලා කූඩුවේ ළගී


(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා)

රත්මලාන අත්තිඩිය පාරේ කානුවකට මිනිස් අසූචි හලමින් සිටි ගලි බවුසරයක් සමග අසුචි කානුවට හැලු  බව කියන සැකකර අද (24) සවස අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

ගලි බව්සරයකින් කානුවට අසුචි හලන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණ දුරකථන ඇමතුමකට අනුව මෙම ගලි බවුසරය සහ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම ගලි බවුසරයෙන් වැසිකිලියක් සුද්ද කිරීම සඳහා රුපියල් 12,000 ක මුදලක් අය කර ඇති බව සඳහන් කරන පොලිසිය මොවුන් එසේ ගලියට පුරවාගන්නා අසූචි කොහේ හෝ කාණුවකට මුදාහරින්න බව පොලිසිය පවසයි.