කාන්තන්කුඩි වැඩ අද නතර වෙලා


(එල් ජව්ෆර් කාන්)

කාත්තන්කුඩි මුස්ලිම් පල්ලිවලට කොටි ත්‍රස්තවාදීන් වෙඩි තැබූ සිද්ධියේ 35 වැනි සංවත්සරය වෙනුවෙන් ශෝක දිනයක් ප්‍රකාශ කර කඩ සාප්පු වැසීමෙන් කාත්තාන්කුඩි නගරයේ සියලුම කටයුතු අද ඇන හිටියේය.

ව්‍යාපාරික ආයතන, පොදු වෙළෙඳපොළ, පෞද්ගලික ආයතන ඇතුළු සියලුම ආයතන වසා දමා තිබූ අතර නගරයේ බොහෝ ස්ථානවල සුදු කොඩි ද ඔසවා තිබිණ.

1990 අගෝස්තු 3 වැනිදා කාත්තන්කුඩි මීරා ජුම්බා පල්ලිය සහ කාත්තන්කුඩි හුසේනියා පල්ලිය යන මුස්ලිම් පල්ලි දෙකක රාත්‍රී යාඥා කරමින් සිටිය දී එල්ටීටීඊ සංවිධානය මුස්ලිම්වරුන් 103 දෙනකු ඝාතනය කර තවත් 268 දෙනකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධියේ 35 වැනි සංවත්සරය අදට යෙදිණ.