(සුජිත් හේවාජුලිගේ)
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර ඒවා යටපත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියා පිළිවෙත වර්තමාන ආණ්ඩුව ඊට වඩා ඉහළින් කරගෙන යන බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසූහ.
උන්වහන්සේ මෙසේ පැවසුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමිනි.
ප්‍රහාරය වළක්වා නොගත් හිටපු ජනාධිපතිවරයා සහ නිලධාරීන් සම්බන්ධයෙන් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු නොකළේ මන්දැයි අගරදගුරුතුමෝ ප්‍රශ්න කරති.

