(ප්‍රසංග පෙරේරා)
ජාඇල තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ 2025/2026 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය වරලත් ඉංජිනේරු හා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයකු වු ජිම් නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශ්‍රවනාගාරයේ දී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
විදුහල්පති ගරු නිහාල් රොද්‍රිගු පියතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය සංවිධානය කර තිබිණි.
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමෙන් අනතුරුව ශිෂ්‍ය නායක කන්ඩායම ප්‍රධාන ආරාධිතයා හා ආචාර්ය මණ්ඩලය සමග සමූහ ජායාරූපයකට පෙනී සිටි අවස්ථාවට ශීෂ්‍ය නායක භාර ආචාර්ය වරුන් වන රෝහිණී මදසේකර මහත්මිය හා සමන් සපුආරච් මහතාද එක්ව සිටියහ.