(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ප්‍රශ්නගත කොළඹ කොටුවේ ක්‍රිශ් ගොඩනැගිල්ලේ ඊයේ (6) රාත්‍රී හටගත් ගින්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මහල් හැටකින් පමණ යුත් එම ගොඩනැගිල්ලේ 35 වන මහලේ ලෑලි බෝඩ් කීපයකට ගිනි ඇවිලි එම ගින්න හටගෙන පහත මහල් කීපයක් කරා එම ගින්න පැතිර ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි
ඇති වූ එම ගින්න සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුගත් ගලගමගේ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම නිලධාරියා කීය
කොළඹ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවන රථ හතරක් ජල බවුසර් දෙකක්මෙන්ම ප්‍රධාන ගිනි නිවීම් නිලධාරී ටි ඩි කේ ඒ විල්සන් මහතා ඇතුළු නිලධාරීන් 32 යුත් කණ්ඩායමක් විසින් පුරා පැය දෙකකට අධික කාලයක් එම ස්ථානයේ රැඳී ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කටයුතු කර ඇත.