ක්‍රිකට් ආයතනයෙන් චන්දිමාල්ගේ ලිපියට පිළිතුරු


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මුණගැසීමට ඉදිරි දින දෙක තුළ අවස්ථාවක් ලබාදෙන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් තමන්ව දිගින් දිගටම ඉවත් කිරීම පිළිබඳව කරුණු විමසමින් දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබූ අතර ඒ අනුව ඔහුට එම අවස්ථාව ලබාදෙයි.