කළුතර ලී මෝලක ගින්නක්:ලක්ෂ 20ක දේපළ වැනසෙයි


(සුමිත් පොතුපිටිය)

වස්කඩුවේ ලී මෝලක අද උදෑසන ගින්නක් හටගෙන ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි .

නිමවන ලද ලී තට්ටු පදම් කරන බොයිලේරුවේ ගින්න හටගෙන තිබූ අතර , විදෙස් රටවලට යැවීම සදහා නිමවන ලද පැලට් ලෑලි තට්ටු විශාල ප්‍රමාණයක් විනාශවී තිබුණි.

කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ප්‍රධාන ගිනි නිළධාරී ඉන්දික ප්‍රභාත් ඇතුළු හත් දෙනෙක් ගිනි නිවන රථ දෙකක් උපයෝගී කරගනිමින් ගින්න පාලනය කිරීමට සමත්වූහ.

කළුතර උතුර පොලිසිය සහ අවට සිටී පිරිස්ද ඒ සදහා සහායවිය.

සිදුවූ දේපල හානිය ලක්ෂ 20 කට අධික බව සදහන්වන අතර, ජීවිත හානි සිදුව නොමැත.

ලී මෝලේ හිමිකරු අද සිය පෞද්ගලික මුදලින් කඩල දන්සලක් දිම සදහා කඩල කිලෝ 100 ක් දියේ දමා තිබූ අයුරුද දැකගත හැකිවිය.