(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර දිස්ත්‍රික්කයේ ගතවූ මාස හතර තුළ කොරෝනා වයිරස ආසාධිත වී පුද්ගලයන් 1033 මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි
වැඩිම මරණ සිදු වී ඇත්තේ පානදුර දකුණ පොලිස් වසමෙන් පුද්ගලයන් 124 දෙනකු මෙන්ම කළුතර දකුණ හා කළුතර උතුර පොලිස් වසම් වලින් පිළිවෙලින් පුද්ගලයන් 97 දෙනකු සහ 87 දෙනකු වසයෙන් බව එම වාර්තා සඳහන් කරයි
ඉකුත් අප්‍රේල් එක් වෙනි දින සිට මේ දක්වා කලුතර දිස්ත්‍රික්කයේ කලුතර පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 16 න් පුද්ගලයන් 19609 කුට සහ පානදුර පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 13 න් පුද්ගලයන් 14238 කුට කොරෝනා වයිරස ආසාධිත වි ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි
රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල මෙන්ම නිවෙස් වල පුද්ගලයන් 13396 කු ප්‍රතිකාර ලබන බවත් පුද්ගලයන් 19418 සුවය ලබා ඇති බවත් එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි