කළු ගඟේ පාවී ඇවිත් ගොඩට ගත් මුවා මිය යයි


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ ) 

 කළු ගඟේ පාවී ආ  මුවෙකු   අද  (19) තෙබුවන  වයි හන්දියේ කඩ වීදිය ප්‍රදේශයේදී තරුණයන් පිරිසක් එක්ව ගොඩගත්තද ඒ වන විටත් මුවා මයගොස් සිට ඇතැයි තෙබුවන පොලිසිය කියයි.

නාර්තුපාන දෙස සිට කළුතර දෙසට  කළු ගඟේ ජල පහරට හසුව  මුවෙකු ගසාගෙන යන අයුරු තෙබුවන,පහලගම කඩවීදිය ප්‍රදේශය රැඳී සිටි තරුණයින් දැක  වහා ක්‍රියාත්මක මුවා  බේරා ගැනීමට ඔරුවක් ආධාරයෙන්  කළු ගඟේ මුවා සිටි ආසන්නයට යන අවස්ථාවේ  මුවා දියේ ගිලී මියගොස් ඇත. 

පසුව එම පුද්ගලයින් විසින් මියගිය මුවා ගොඩට රැගෙන පැමිණ ඒ බව තෙබුවන පොලිස් ස්ථානයට  දැන්වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ  පරීක්ෂණ ආරම්භ කර ඇත.

අඟුරුවාතොට, තෙබුවන ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ අවට ප්‍රදේශ තුල මුවන් ජීවත් නොවන බවද කියයි.

මියගිය මුවා පිළිබඳව හික්කඩුව වනජීවි ඒකකය දැනුවත් කිරීමෙන් අනතුරුව එහි නියාමක චින්තක දිමුතු කුමාර මහතාගේ උපදෙස් පරිදි මුවා වල දැමීමට කටයුතු කර ඇත