(චන්ද්‍රසේන ගමගේ)
කළමැටිය ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රා රැසක් ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය පවසයි.
මෙම ගින්න ඊයේ රාත්‍රී 11.30ට පමණ හටගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ගින්නෙන් කළමැටිය ධීවර වරාය භූමියේ නවතා තිබූ එක්දින ධීවර යාත්‍රා 20ට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ගිනි ගත් යාත්‍රා තුළ මෙන්ම ගොඩබිමේ තිබූ ධීවර ආම්පන්න රැසක්ද හානි වී ඇත.
කළමැටිය ධීවර වරායේ ඉදිකිරීම් කරනු ලබන සමාගමේ ආරක්ෂක නිලධාරීන් ගින්න දැක ඇති බවත් පසුව ඔවුන් පොලීසිය දැනුම්වත් කළ බවත් පොලීසිය පවසයි.
ධීවර වරාය භූමියේ අළුතින් ඉදි කර තිබූ පොල් අතු සෙවිළ කරන ලද මඩුව පළමුව ගිනි ගෙන ඇති බවත් අනතුරව ගින්න පැතීරී ගොස් තිබූ බවත් පොලීසිය කියයි.
තංගල්ල නගර සභාව සතු ගිනි නිවන රථ 02 ක් පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇ.ත.
පුද්ගලික ආරවුලක් මෙම ගින්නට හේතු වී ඇතැයි ද ගිනි තැබු පුද්ගලයින් පිළිබදව තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද හුංගම පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.




