( රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 1,172 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම ශිලාවතුර සාවාරිපුරම් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
වයඹ නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සාවාරිපුරම් මුහුදු තීරයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු යාත්‍රාවක් ලුහුබැඳ ගොස් පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබූ උර 18 ක වියලි කහ කිලෝ 679 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු සමගින් ඩිංගි යාත්‍රාවද ඊයේ (9) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ .
තවද එම ප්‍රදේශයේ සිදුකරන ලද වැඩිදුර සෝදිසි කිරීමකදී අදාල යාත්‍රාවෙන් මුහුදට දමා තිබූ තවත් උර 13 කට අයත් වියලි කහ කිලෝ 493 ක් තිබී නාවික සෙබලුන් විසින් සොයාගන්නා ලදි.
මෙම වියලි කහ තොගයන් ඉන්දියාවේ සිට මන්නාරමට මුහුදු මාර්ගයෙන් රැගෙනවත් ඇති අතර සැකකරුවන් ශිලාවතුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 ක් වයස්හි පසුවන අතර ඔවුන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ශිලාවතුර පොලීසියට භාර දීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.