කසිප්පු බාගයක් සමග පාසලෙන් කට්ටි පැන්න 15 සිසුවා මාට්ටු


(ලක්මි කුඩලිගම)

පාසල් ගමන අතර මග නතර කර දැමූ 15 හැවිරිදි පිරිමි ළමයකු කසිප්පු බෝතල බාගයක් ලඟ තබාගෙන සිටියදී රි අගලවත්ත නගරයේ දී අත් අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි.

අගලවත්ත, කොටියාගොඩ, කුණු කන්ද ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සැකකාර ළමයාගේ මාපියන් ප්‍රදෙශයේ ඇගළුම්හලක සේවයේ නිරතවෙති. පාසල් ගමන අතහැර දමා අගලවත්ත නගරයේ රස්තියාදුවේ යෙදෙන මොහු කාන්තාවන්ට උසුළු විසුළු කිරිම්, සුළු සුළු හොරකම් කීපයක් සිදු කර ඇතත් කුඩා ළමයකු නිසා ඒ පිළිබඳ කිසිවකු පොලිසියට පැමිණිළි කර නැතැයි පොලිසිය කියයි.

අගලවත්ත නගරයේ මුර සංචාරයේ යෙදෙමින් සිටි පොලිස් නිලධාරින් මෙම ළමයා පිළිබඳ සැක සිතී පරීක්ෂා කිරිමේදි කසිප්පු බෝතල බාගයක් සන්තකයේ තබාගන සි⁣ටියදි පොලිස් භාරයට ගෙන ඇත.