(ප්‍රසාද් රුක්මල් )
අඹගස්දොව උඩුකිද මැදවෙල ප්‍රදේශයේ නිවසක කාමරයේ නීති විරෝධි කසිප්පු පෙරමින් සිටි නාවික හමුදා නිළධාරියකු අද (23) සැකපිට අත්අඩංගුවට ගත් බව අඹගස්දොව පොලිසිය පවසයි .
මොහු සන්තකයේ තිබී නීති විරෝධි මත්පැන් වන කසිප්පු මිලිලීටර් 4500ක්, ගෝඩා මිලිලීටර් 8500ක් සහ මත්පැන් පෙරීමේ උපකරණ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .
ගාල්ල ප්‍රදේශයේ නාවික හමුදා කදවුරකට අනියුක්තව සේවය කරන අඹගස්දොව උඩුකිද මැදවෙල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි නාවික හමුදා නිලධාරීයකු මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .
ෙඅඹගස්දොව පොලිසියේ නිලධාරීන් ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකරන විටත් සැකකරු නිවාඩු ලබා නිවසට පැමිණ මෙසේ නිවසේ කාමරයේ නීති විරෝධි මත්පැන් පෙරීමේ ජාවාරමේ නිරතව සිටි බවත් පොලිසිය සදහන් කළේය .