කසිප්පු පෙරූ ගුරුවිද්‍යාල සේවකයාට එරෙහි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරයි


(ආනන්ද ඉ ජයකොඩි)

පත්තලගෙදර සියනෑ විද්‍යා පීඨයේ නේවාසිකාගාරයක් තුළ කසිප්පු ගෝඩා හා පෙරණ උපකරණ සමග අත් අඩංගුවට ගත් සේවකයට එරෙහිව වේයන්ගොඩ පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරන ලද චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කළ අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඊළග දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට පොලිසියට අද නියෝග කළේය.

සැකකාර ගුරුවිදුහල් සේවකයාට රුපියල් ලක්ෂ පහක කොන්දේසි සහිත ශරීර ඇප නියම කළේය.

වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ විද්‍යා පීඨයේ ජලනල කාර්මිකයකුට එසේ ඇප නියම කැරිණි.

රුපියල් ලක්ෂ පහේ ශරීර ඇපයට පුද්ගලයන් දෙදෙනෙකු අත්සන් කළ යුතු බවටද නියෝග කැරිණි.