කලුතර වෙඩි තැබීමක්


(සුමිත් පොතුපිටිය) 

කළුතර පළාතොට ප්‍රදේශයේ යතුරු පැදි අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයකට අද (11) රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

9 එම් එම් වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 4 ක්  එල්ල කර ඇති අතර, එම ස්ථානයේ සිව්දෙනෙකු සිට ඇතත්, කිසිවෙකුටත් එල්ලවී නොමැති බව පොලිසිය කීය.

යතුරු පැදියකින් කළුතර දෙස සිට පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයේ එල්ල කර ඇති අතර, ඔවුන් ඒ දෙසටම පලා ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි .

කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති .