කලුතර ජලයෙන් යටවූ තැන්වලින් යන්න අඟුල් යාත්‍රා සේවයක්


(  ජේ.ඉඳුරුවගේ)

කළුතර  දිස්ත්‍රික්කයේ කලුගඟ කුඩා ද්‍රෝනියේ ඉහල ධාරා ප්‍රදේශ ආශ්‍රිතව ඉහල වර්ෂාපතනයක් ලැබිමෙන් මේ වන විට  බුලත්සිංහල,පාලින්දනුවර,සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන්හි  මාර්ගවල ජලයෙන් යටවී  ඇති ස්තාන හයක ජනතාවට ගමන් කිරීම සඳහා අඟුල් යාත්‍රා යොදවා ඇතැයි   ආපදා  කලමනාකරණ මධ්‍යස්ථානයේ කළුතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කර්නල්  ඊ.ඒ.යූ.ඒ.අමරසේකර මහතා පැවසීය.

ඒ අනුව පාලින්දනුවර ලත්පඳුර-ඉලුක්පොත මාර්ගයේ අඳකුඹුර  ,බදුරලිය -කලවාන මාර්ගයේ මිදලන බදුරලිය පැනිගල මාර්ගයේ අලපොතුමුල්ල   බුලත්සිංහල-මෝල්කාව මාර්ගයේ නාලියැද්ද හා දඹල, දඹල-ඉහල වෙල්ගම මාර්ගයේ ඉහල වෙල්ගම පාසල අසල මෙම අඟුල් යාත්‍රා සේවය ක්‍රියාත්මක බව අමරසේකර මහතා පවසයි.