කලාකරුවන් පිරිසක් අවතැන් කඳවුරුවලට


(රංජිත් රාජපක්ෂ)

දිට්වා සුලි කුණාටුවෙන් කොත්මලේ ප්‍රදේශයේ නායයෑමෙන් ආපදාවට ලක් වි අවතැන් කදවුරුවල සිටින ජනතාවගේ මානසික සුවය ඉහළ දැමීම සදහා කලාකරුවන් පිරිසක් කොත්මලේ අඹතලාව අවතැන් කදවුර වෙත ගොස් එම ජනතාව සමග එකට එක්ව රස වින්දනාත්මක වැඩසටහන් ගනණාවත් ඉදිරිපත් කරනු ලැබූහ.

මහවැල් කේන්ද්‍රය මගින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට තරින්ද්‍රි ප්‍රනාන්දු, ප්‍රියන්ත සිසිර කුමාර, සේමිනි ඉද්දමල්ගොඩ, කලණ ගුණසේකර, දසුන් පතිරණ, චතුර රාජපක්ෂ, චමත්කා ලක්මිණි, දනුෂි දිසානායක ඇතුලු කලා කරු‍වෝ පිරිසක් සහභාගී වූහ. 

අවතැන් වුවන් සමග ගීත ගයනා කරමින් වැඩසටහන ක්‍රියාත්මක කළ  අතර, එම වැඩසටහන  කොත්මලේ ප්‍රදේශයේ පිහිටුවා ඇති අවතැන් කදවුරු ගණනාවක සිදු කිරිමට නියමිතය.