(අංජුල මහික වීරරත්න)
කලාකරුවන්ගේ වෘත්තිය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින් ආරක්ෂා කිරීම සදහා සැකසූ නව දළ පනත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අද පිළිගැන්වීය.
එම පනත් කෙටුම්පත නීතිපති සහ නීති කෙටුම්පත් සම්පාදක වෙත කඩිනමින් යොමු කිරීමට කටයුතු කරන ලෙසත්, මැයි මාසය වන විට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අධිකරණ අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
කලාකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම තුලින් කලාකරුවන්ගේ වෘත්තියමය භාවය වැඩි දියුණු කිරීම හා ඔවුන්ගේ ආර්ථික තත්වය නගා සිටුවීම, උසස් කලා නිර්මාණ බිහිවීම අපේක්ෂා කරන අතර, ඒ සදහා නව රෙගුලාසි පද්ධතියක් සකස් කිරීම කඩිනමින් සිදු කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

