කල් ගිය උ.පෙළ විභාගය ජනවාරි මුල


(අංජුල මහික වීරරත්න)

රටේ පැවති අයහපත් කාලගුණයත් සමග පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි මස මුල දී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා  පැවසීය.

එමෙන්ම පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් සමාලෝචනය කරමින් ගමනාගමන පද්ධතියේ බිඳ වැටීම්, සන්නිවේදන අපහසුතා, විදුලිය බිඳ වැටීම් වැනි අපදාවන්ට ලක්නොවු පළාත් සහ දිස්ත්‍රික්ක වල පාසල් දෙසැම්බර් 16 වැනි දින ආරම්භ කරන බවයි.

අනෙකුත් පාසල් ආරම්භ කිරීම පිළිබඳ පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් අදාළ නිලධාරීන් හා සම්බන්ධ වෙමින් ඉදිරියේ දී හැකි ඉක්මනින් තීරණ ගන්නා බවයි.

එමෙන්ම ආපදාවන්ට ලක් නොවූ විශ්ව විද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තීය අධ්‍යාපන ආයතන දෙසැම්බර් මස 08 වැනි දින ආරම්භ කරන බවත් යම් කිසි ප්‍රායෝගික අපහසුකම් ඇති යම් කිසි ආයතනයක් වේ නම් අදාළ ආයතනයේ ප්‍රධානියාට ආරම්භ කරන දිනය පිළිබඳ තීරණයක් ගත හැකි බවත් ඒ මහතා පැවසීය.