(ඉන්දිකා රාමනායක)
මිරිහාන ජනාධිපති පෞද්ගලික නිවස ආසන්නේ දී ඉකුත් මාර්තු (9) දින සිදු වු සිද්ධිය සහ අරලියගහ මන්දිරය , ගාලුමුවදොර යන ප්‍රදේශවල ඉකුත් (9) දින ඇති කලහාකාරී සිද්ධීන් මැඩලීම සඳහා ත්‍රිවධ හමුදාවේ යම් අතපසුවමක් සිදුවී ඇති ද යන්න සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ , හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන හිටපු හමුදාපති ජෙනරාල් රත්නායක යන මහත්වරුන් මෙම ත්‍රිපුද්ගල කමිටුවට පත් කර ඇකර ඇති බවද වාර්තා වේ .
මෙම සිද්ධීන් ඇතිවීම වැළැක්වීම වැලැක්වීම සහ මැඩලීමේ කටයුතුවල දී ත්‍රිවිධ හමුදාව අපොහොසත් වු බවට සමාජය තුළ මතයක් පැතිර ගොස් ඇති අතර ත්‍රිවිද හමුදාව තුළින් කිසි අතපසු වීමක් සිදු වී ඇති ද යන්න විමර්ශනය සඳහා ජනාධිපතිවරයා මෙම ත්‍රි පුද්ගල කමිටුව පත්කර ඇත.