
(රංජන් කස්තුරි)
එළඹෙන උත්සව සමයේදී පොල්තෙල්වලට ෆාම්තෙල් මිශ්‍රකර අධික ලාභ ලබා ගැනීමේ කූට සැලැස්මක් ඇතැයි පොල්තෙල් ආනයනකරුවෝ පවසති.
ඒ සඳහා ෆාම්තෙල් ආනයන බද්ද අඩුකරවා ගැනීමට එම ව්‍යාපාරිකයන් පිරිස ආණ්ඩුවට බලපෑම් කරමින් සිටින බව ද ඔවුහු කියති.
ෆාම්තෙල් මිශ්‍රන පොල්තෙල්වල විෂකාරක තිබූ බවට ඉකුත් කාලයේ හෙළි වූ අතර එය නතර කිරීමේ අරමුණින් ජනපතිවරයා මැදිහත්ව ෆාම්තෙල්වල ආනයනික බදු ඉහළ දැමූ බව ද පොල්තෙල් ආනයන කරාවෝ පවසති.

