කරන්නාගොඩගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි


ඉන්දිකා  රාමනායක
 
කොළඹ හා  තදාසන්න ප‍්‍රදේශ වල තරුණයන් 11 දෙනකු 2008 වසරේ දී පැහැරගෙන ගොස්  අතුරුදන් කළේ යැයි කියන සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල්  වසන්ත කරන්නාගොඩ  මහතාගෙන් තෙවැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අද  (19) පැය 4 ට අධික  කාලයක්  ප්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත්  බව පොලිසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමත් මත කරන්නාගොඩ මහතා අද (19) පෙරවරු 9.30 ට එහි පෙනී සිටි අතර මෙම ප‍්‍රශ්න කිරීම පස්වරු 1.30 දක්වා පැවැත්විණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  කරන්නාගොඩ මහතාගෙන් අවස්ථා දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ සටහන් කරගත්  තිබිණි.