කරන්නාගොඩගෙන් පැය 08ක් ප්‍රශ්න කරයි - යළි 13 කැඳවයි


(තරිඳු ජයවර්ධන)
 
පැය අටක පමණ කාලයක් පුරා ප්‍රකාශ ලබාදීමෙන් පසු හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
 
උදෑසන 9.00 සිට සවස 5.00 පමණ වන තෙක් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
 
වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඒ මහතා බදාදා (13) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
 
තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඒ මහතා සැකකරුවකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්කි ඇතැයි මීට පෙර රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.