(සුජිත් හේවාජුලිගේ )
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට පත් කෙරෙන කමිටුව සඳහා සාමාජිකයන් පත් කරන ලෙස කතානායකවරයා අගවිනිසුරුවරයා ඇතුළු අදාළ පාර්ශවවලට ලිඛිතව දැනුම්දී ඇත.
ස්ථාවර නියෝග අනුව මෙම කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයකුද ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගේ එකඟත්වයෙන් නම් කෙරෙන වෘත්තිකයකුද පත් කරනු ලැබිය යුතුව ඇත.
මේ අනුව මෙම කමිටුව ලබන සතියේදී සිය විමර්ශන කටයුතු ආරම්භ කරනු ඇතැයි දැනගන්නට ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගිය 8 වැනිදා ඡන්ද 151 කින් සම්මත විය.
මෙම කමිටුව එම විමර්ශන අවසන් කිරීමෙන් පසු කතානායකවරයාට පූර්ණ වාර්තාවක් බාර දීමට නියමිත අතර එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයා නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබීය.