කම්කරු නීති සංශෝධන හෙට පාර්ලිමේන්තුවට


(විනීතා එම් ගමගේ)
 
පුද්ගලයකු රැකියාවකට බදවා ගැනීමේ අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීම ඇතුළු කම්කරු ක්ෂේත‍්‍රයට බලපාන පනත් හතරක් සඳහා සංශෝධන හෙට (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
 
ලෝක කම්කරු සංවිධානයේ ළමා ශ‍්‍රමය පිටුදැකීම සඳහා වන ප‍්‍රඥප්තියට අනුකූලව මෙම සංශෝධන ගෙන එනු ලබන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
 
ඒ අනුව 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනත, 1942 අංක 45 දරන කරමාන්තශාලා ආඥාපනත, 1956 අංක 47 දරන ස්ත‍්‍රින් තරුණයන් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත යන පනත් හතර අනිවාර්ය අධ්‍යාපන වයසට සමගාමිව සංශෝධන ගෙන එන බව ද හෙතෙම ස`දහන් කළේය.
 
මෙකී පනත් සංශෝධනයෙන් පසු මෙතෙක් සේවයේ යෙදවීමේ අවම වයස වූ අවුරුදු 14 ට අවුරුදු 16 ක් දක්වා ඉහළ දමනු ලබන අතර අවුරුදු 16 ට අඩු කිසිදු දරුවකු  කිසිදු රැකියාවක යෙදවීමට නීතියෙන් අවසර නොලැබෙනු ඇත.